Friday, April 19, 2024

General line - 0115112241

එංගලන්තය අසරණ කරමින් ඉන්දියාවට පහසු ජයක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එංගලන්තය සමග පැවති පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

එ්, තරග දෙකට එකක් ලෙසයි. ඊයේ (08) පැවති තුන්වන තරගය ඉන්දියාව ජය ගත්තේ කඩුලූ 07කින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20දී කඩුලූ 09කට ලකුණු 198ක් රැස් කළා. ජේසන් රෝයි ලකුණු 67යි.

පන්දු යැවීමේ දී හර්දික් පාන්ඩෙයා ලකුණු 38කට කඩුලූ 04ක් බිඳ හෙළුවා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 18යි පන්දු 04ක දී කඩුලූ 03ක් පමණක් දැවී ලකුණු 201ක් රැස් කරමින් ජය වාර්තා කළා.

රෝහිත් ශර්මා එහිදී නොදැවී ලකුණු 100ක් රැස් කිරීම විශේෂත්වයක්. එය ඔහු පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ වාර්තා කළ තුන්වන ශතකයයි.