Friday, March 29, 2024

General line - 0115112241

දැඩි සුළඟ සමග උණ ගසක් බස් රථයක් පසාරු කරගෙන ඇතුළු වෙයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් තුළට ප්‍රධාන මාර්ගය අසළ තිබූ උණ පඳුරක උණ ගසක් බස් රථයේ ඉදිරිපස කොටස පසාරු කරගෙන බස් රථය තුළට ඇතුල් වීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

නෝටන්බ්‍රිජ් සිට මස්කෙලිය දක්වා ධාවනය වු බස් රථයක් මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ පා තිබෙනවා. 

අද (09) උදැසන 6.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ඇඩිස් ප්‍රදේශයේදී.

ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්ත්වයත් සමග ප්‍රධාන මාර්ගයේ අසළ තිබු උණ පදුරක ගසක් මෙලෙස ප්‍රධාන මාර්ගය දෙසට නැමී ඇති අතර ධාවනය වෙමින් තිබු බස් රථයේ නාම පුවරුව පසාරු කර රියදුරු අසුනට ඉහලින්, බස් රථයේ රියදුරු ආසනය පසුපස තිබු විදුරුවටද හානි කරමින් බස් රථයේ දකුණු පස ආසන දෙකක්ද පසාරු කරමින් උණ ගස බස් රථය තුළට කඩා වැදී තිබෙනවා.

මෙම අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ රියදුරා සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති අතර, අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.