Thursday, April 25, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයා මානසික ආතතියෙන් 

දිනුක් හේවාවිතාරණ




තමාගේ මානසික සුවය ගැන සිතා තම පරම්පරාවෙන් පැවත එන Consolidated Press Holdings (CPH) සමාගමේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් වීමට කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් තීරණය කර තිබෙනවා.

2014 වසරේදී මෙරට කැසිනෝ සමාජ ශාලාවන් ඉදිකිරීමේ සැලසුම සහිතව ජේම්ස් පැකර් පැමිණිමුත් එල්ලවූ විරෝධතා හේතුවෙන් එය සාර්ථක වුයේ නැහැ.

තමාගේ පෙම්වතිය වූ ජනප්‍රිය ගායිකාවක් වන Mariah Carey  සමග පැවති සම්බ්නධතාවය බිඳ වැටීමෙන් අනතුරුව ඔහු තම ක්‍රවුන් කැසිනෝ සමාගමේ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉවත් විය.

ජේම්ස් පැකර් මේ වන විට අමෙරිකාවේ පිහිටි රෝහලක මානසික වෛද්‍ය සායනයකට සහභාගී වෙමින් සිටින බවට ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා. ඒ සදහා මාසික අමෙරිකානු ඩොලර් 140,000 ක් වැය වන බවයි සදහන් වන්නේ.