Tuesday, April 23, 2024

General line - 0115112241

අධික වටිනාකමකින් යුත් වාලම්පුරියක් යාපනයට ගෙන යද්දී අල්ලයි (PHOTOS)

මාධව කුලසූරිය




අධික වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට පත් වුණා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවි ඇති බවයි.

සැකකරුවන් කිලිනොච්චිය සිට යාපනය දක්වා වාලම්පුරිය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති බවද පොලිසිය සඳහන් කළා.