Saturday, April 20, 2024

General line - 0115112241

බැලූම්ගල වැඩසටහනෙහි මූලාශ‍්‍ර හෙළිකර ගැනීම සඳහා කොල්ලූපිටිය පොලීසිය දරණ උත්සහය ගැන අන්ලිමිටඩ් තුළින්



නෙත් එෆ්. එම්. රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනෙහි මූලාශ‍්‍ර හෙළිකර ගැනීම සඳහා කොල්ලූපිටිය පොලීසිය ශ‍්‍රාවකයන්ට කරන බලපෑම් සම්බන්ධයෙන් වහාම සොයා බලා වරදකරුවන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන්නැයි ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ඉල්ලීමක් කරනවා.

ඔවුන් මෙම ඉල්ලීම කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත ලිපියක් යොමු කරමින්.

කොල්ලූපිටිය පොලීසිය මෙහිදී කි‍්‍රයාකර ඇති ආකාරයෙන් සිය මූලාශ‍්‍ර ආරක්ෂා කිරීමට ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදින්ට ඇති අයිතියද උල්ලංඝණය වන බව මෙමගින් පෙන්වා දී තිබෙනවා. ජනමාධ්‍ය නිදහසටද එය බලපෑම් සිදු කරන බවයි ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය පෙන්වා දෙන්නේ.  

නෙත් එෆ්. එම්. රේඩියෝවට දුරකතනයෙන් කතා කළ ඇතැම් ශ‍්‍රාවකයන්ට කොල්ලූපිටිය පොලීසියට පැමිණ ප‍්‍රකාශ ලබා දෙන්නැයි කැඳවීම් කර ඇති බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා. නෙත් එෆ්. එම්. ශ‍්‍රාවකයන්ගේ මෙම දත්ත පොලීසිය විසින් ලබා ගෙන ඇති ආකාරයද ගැටලූ සහගතයි. කොල්ලූපිටිය පොලීසිය මෙම දත්ත ලබා ගෙන ඇත්තේ නිවැරදි ආකාරයෙන් නොවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකරද ප‍්‍රකාශ කළා.

කුමන තත්ත්වයක් යටතේ වුවත් මූලාශ‍්‍රවල රහස්‍යගතභාවය සුරැකීමට නෙත් එෆ්. එම්. රේඩියෝව කැපවී සිටිනවා. ශ‍්‍රාවකයන්ට අගතියක් නොවීමට නෙත් එෆ්. එම්. රේඩියෝව සෑම විටම කටයුතු කරන බව ද නැවත සිහිපත් කළ යුතුයි.

මේ අතර නෙත් එෆ්. එම්. රේඩියෝවේ බැලූම්ගල වැඩසටහනෙහි මූලාශ‍්‍ර හෙළිකර ගැනීම සඳහා කොල්ලූපිටිය පොලීසිය ශ‍්‍රාවකයන්ට කරන බලපෑම් සම්බන්ධයෙන් ඊයේ (09) ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින්ද සංවාදයට ලක් කෙරුණා. ඊට එක්වූයේ මාධ්‍යවේදී නිීතීඥ විරංජන හේරත්.

ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, දකුණූ ආසියානු නිදහස් මාධ්‍යවේදී සංගමයේ සාමාජික එම්. එන්. අමීන් ද මෙම වැඩසටහනට එක්වුණා.

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.