Saturday, April 20, 2024

General line - 0115112241

17 වන ලෝක ශූරතා කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලිය අරම්භයේදීම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් තරග බිමේ

කසුන් කැළුම්




17 වන ලෝක ශූරතා කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලිය ෆින්ලන්තයේදී අද (10) ආරම්භ වනවා.

රටවල් 158ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1500 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි වීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 11 දෙනෙකු මෙවර තරගාවලියට එක්ව සිටිනවා. ආරම්භක දිනයේම ශී‍්‍ර ලංකා කි‍්‍රඩිකාවන් දෙදෙනෙකු අද තරග බිමට පිවිසීමට නියමිතයි. 

ආසියානු කනිෂ්ඨ රන් පදක්කම් ලාභීනී කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමි වසන්ති සහභාගිවන මීටර් 3000 බාලිකා බාධක දිවීමේ ඉසව්වද අද පැවැත්වෙනවා. වලල එ් රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඩිල්ෂි කුමාරසිංහ සහාභාගි වන මීටර් 800 බාලිකා ධාවන ඉසව්වේ මූලික වටයේ තරග ඉසව්වද අද පැවැත්වීමට නියමිතයි.