Saturday, April 20, 2024

General line - 0115112241

පාරමීගෙන් නව කනිෂ්ඨ ශී‍්‍ර ලංකා වාර්තාවක්

කසුන් කැලුම්




ආසියානු කනිෂ්ඨ රන් පදක්කම් ලාභීනී කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමි වසන්ති අද නව කනිෂ්ඨ ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි කළා. මීටර් 3000 බාලිකා බාධක දිවීමේ ඉසව්වෙන්. ඇය මෙම දස්කම දැක්වූයේ ෆින්ලන්තයේදී අද ආරම්භ 17 වන ලෝක ශූරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදීයි.

මූලික වටයේ තරගයට එක් වූ පාරමි වසන්තිට එහිදී හිමි වූයේ 5 වන ස්ථානයයි. තරග නිමි කාලය විනාඩි 10 තත්පර 20.12ක්. ෆින්ලන්තයේ පැවැත්වෙන 17 වන ලෝක ශූරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය සදහා රටවල් 158 ක් නියෝජනය කරමින් කී‍්‍රඩිකාවන් 1500 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටිනවා.