Friday, April 26, 2024

General line - 0115112241

මරණ දඬුවම ක්‍රියාත්මක කෙරේ

දිනුක් හේවාවිතාරණ / චම්ලි ඒකනායක /සජිත් තිලකරත්න




මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අද (10) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා. 

දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සදහා මෙම තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි වාර්තා වන්නේ.

මෙරට ඉතිහාසයේ උල තැබීම, හිස ගසා දැමීම, දියේ ගිල්වා මැරීම ඇතුළු මරණ දඬුවම ලබා දෙන ක්‍රම පැවතියද, පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත්තේ 1812 වසරේ පෙබරවාරි 10 වැනිදා ය.

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. එසේ වැලිකඩදී එල්ලා මරණ ලද්දේ ජේ.ඒ චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවාය. එතැන් පටන් අද වනතෙක් වසර 42ක පමණ කාලයක් එල්ලුම් ගහ ක්‍රියාත්මක් වී නැත.

රාජ්‍ය කුමන්ත්‍රණ, හමුදා කැරළි සංවිධානය,මත්කුඩු ජාවාරම, මිනී මැරුම් ඇතුළු වැරදි කිහිපයකට මරණීය දණ්ඩනය නියම කෙරෙනවා.