Friday, March 29, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලාන පළමු අවසන් පුර්ව තරගය අද

සමන්ත කුමාර




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් ක‍්‍රීඩාංගණයේදී අද (10) රාත‍්‍රියේ පැවැත්වෙනවා. ඒ, ප‍්‍රබල ප‍්‍රංශ කණ්ඩායම සහ පෙරළිකාර බෙල්ජියම් කණ්ඩායම අතරයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 11:30ට තරගය ආරම්භ වීමට නියමිතයි. 

ප‍්‍රංශ කණ්ඩායම අද තරගයෙන් ජයගතහොත් ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන 03 වන අවස්ථාව එය බවට පත්වනු ඇති. මීට පෙර එක් වරක් පමණක් අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබා ඇති බෙල්ජියම අද තරගය ජයගතහොත් එය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ඔවුන් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන පළමු අවස්ථාව වනවා. ඔවුන් ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයකට ක‍්‍රීඩා කරන්නේ වසර 32කට පසුවයි.  

මෙවර තරගාවලියේදී ගෝල 04ක් වාර්තා කර ඇති බෙල්ජියම් ක‍්‍රීඩක ලූකා කූගේ දස්කම් මෙම තරගයේ තීරණයට බොහෝ සෙයින් බලපානු ඇති බව ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙනවා. ප‍්‍රංශ යොවුන් ක‍්‍රීඩක කයිලියන් බැප්පේ සහ අන්තෝනී ග‍්‍රීස්මන්ගේ ක‍්‍රීඩා විලාශය ප‍්‍රංශ කණ්ඩායමට වඩාත් වැදගත් වනු ඇති.