Friday, April 26, 2024

General line - 0115112241

රංගන හේරත් සමු ගැනීමට සැරසේ

කසුන් කැලුම්




ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීම පිළිබද ඉක්මනින් තීරණයක් ගන්නා බව සුපිරි දග පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් පවසනවා. බී බී සී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් රංගන හේරත් ප‍්‍රකාශ කළේ ලබන නොවැම්බර් මාසයේ එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය තමන් කී‍්‍රඩා කරන අවසන් තරගාවලිය විය හැකි බවයි. 

එම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශී‍්‍ර ලංකාවේදීයි. රංගන හේරත් ලොව වැඩඩි කඩුලූ දවා ගත් වමත් පන්දු යවන්නා ලෙසයි සැලකෙන්නේ. මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන රංගන හේරත් ටෙස්ට් තරග 90ක කී‍්‍රඩා කරමින් මේ දක්වා බිද හෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 418ක්. 

1999 දී ටෙස්ට් වරම් දිනූ රංගන හේරත් මේ වන විට වසර 18ක් ශී‍්‍ර ලංකාව නියෝජනය කර තිබෙනවා. ඔහු වාර්තා පොතට එක්ව ඇත්තේ වැඩිම කාලයක් ශී‍්‍ර ලංකාව නියෝජනය කළ ටෙස්ට් කී‍්‍රඩකයා ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කී‍්‍රවේ හිටපු නායක අර්ජුන රණතුංගයි. අර්ජුන රණතුංග වසර 18 යි දින 175ක් ශී‍්‍ර ලංකාව ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළා. 

රංගන හේරතන් අර්ජුන රණතුංගගේ මෙම වාර්තාව බිද දැමුවේ නිමා වූ කොදෙව් ටෙස්ට් තරග සංචාරයේදීයි.