Friday, April 26, 2024

General line - 0115112241

රංගන යන්න සැරසෙයි




ලබන නොවැම්බර් මාසයේ එංගලන්තය සමග ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සිය අවසන් ටෙස්ට් තරගාවලිය විය හැකි බව සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් පවසනවා.

හෙට (12) ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයෙන් ආරම්භ වන ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා ටෙස්ට් තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකාරීත්වය සහ කණ්ඩායමේ නායකයා සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි රංගන හේරත් පවසන්නේ.