Thursday, March 28, 2024

General line - 0115112241

මාරාන්තික අනතුරකින් බස් රථයක් දෙකඩ වෙයි (PHOTOS)

රොමේෂ් මදුෂංඛ




යාපනය මහනුවර A-9 ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්‍රදේශයේදී අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන් කරන ලද කන්ටේනර් රථයක් සහ කිලිනොච්චිය සිට වව්නියාව දෙසට ගමන් කරන ලද බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර බස් රථය හා කන්ටේනර් රථය අධික වේගයෙන් ගමන් කොට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි මූලික පරික්ෂණවලින් හෙළි වී ඇත්තේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ බස් රථයේ ගමන් කළ කාන්තාවක් හා කන්ටේනර් රථයේ රියදුරු වන අතර තුවාල ලැබූ තිදෙනාගෙන් බස් රථයේ රියදුරුගේ තත්වයද ඉතා බරපතල බවයි වාර්තා වෙන්නේ.

අනතුරෙන් බස් රථය දෙකඩ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.