Thursday, March 28, 2024

General line - 0115112241

තද සුළඟින් නිවාස සිය ගණනකට හානි (PHOTOS)




කොළඹ ප‍්‍රදේශයට බලපෑ තද සුළගින් හානියට පත් නිවාස සදහා වන්දි ගෙවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදිප් කොඩිප්පිලි පැවසුවේ නිවාස 264 කට හානි සිදුවී ඇති බවට දැනට වාර්තා වී ඇති බවයි. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින හරහා සහ දිවයින අවට ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පැවතිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර අනෙකුත් පළාත් වල සිහින් වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවකවලත් සමහරස්ථානවලට මි.මී.75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) බලාපොරොත්තු වනවා.

මීගොඩ කුරැදුවත්ත ප්‍රදේශයේ ඇති වූ ට්‍රොනේඩෝ තත්වයකින් නිවාස 75 කට පමණ දැඩි හානි සිදුව තිබෙනවා.