Friday, April 19, 2024

General line - 0115112241

විජයකලාගේ ප්‍රකාශයට එරෙහිව ප්‍රංශයේ විරෝධතාවක් - තානාපතිත් විරෝධතාකරුවන් සමග එක්වෙයි




එල්.ටී.ටී.ඊය නැවත ගොඩනැගිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදි පසුගිය සදුදා විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා.

එහිදී විරෝධතාකරුවන් වෙත පැමිණි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි කේ. අතාවුද තමන්ද මෙම විරෝධතාවට සහය පළ කරන බව පැවසුවා. කිසිදු ශ්‍රී ලාංකිකයකු බෙදුම්වාදී ත්‍රස්තවාදය යළි හිස ඔසවනවාට විරුද්ධ බවත් ඊට කිසිදු ලෙසකින් සහාය නොදක්වන බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

අගමැතිවරයාට භාරදීම පිණිස ඉහත සිදුවීම පිළිබ‍්ව විරෝධතාව දක්වමින් එම පිරිස විසින් ලියූ සංදේශයක් තානාපතිවරයාට ලබාදීම ද මෙහිදී සිදුවිය.