Tuesday, April 23, 2024

General line - 0115112241

සම සුදුකරන ක්‍රීම් ගැන හෙළි වූ ආන්දෝලනාත්මක තොරතුරුවලින් පසු මෙහෙයුම් දැඩි කරයි




කාන්තාවන්, පාසැල් ළමුන් මෙන්ම පුරුෂ පාර්ශ්වය විසින් කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන, සම සුදු පැහැ ගන්වන ආලේපන (Whitening Cream) පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රාශියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය මාස කිහිපය තුල රටේ ජනතාවට හෙළි කර තිබුණා.

පසුගිය දිනෙක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් ආලේපන වර්ග 3ක් කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කොට පරීක්ෂණ වාර්තාවක් ලබා ගත් අතර මෙම ආලේපනවල අඩංගු විය යුතු රසදිය ප්‍රමාණයන් SLS (743:2014) ප්‍රමිතියට අනුකූලව 1.0 mg/kg විය යුතු වුවත්, පරික්ෂා කරන ලද ආලේපනවල එකී අගයන් අතිශයින් ඉහළ අගයක් බව තහවුරු වී තිබුණා. 

පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වූ රසදිය ප්‍රමාණයන් පහත පරිදි වේ. 

ආලේපනයේ වෙළඳ නාමය රසදිය ප්‍රතිශතය (mg/kg)

Malika Beauty Cream 51752.

Golden Life Beauty Cream With Papaya and Aloevera 20292.

Nuha White Beauty Cream 20466. එකී ආලේපන වර්ග විකිණීමට ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකයාට එරෙහිව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදී එක් ආලේපනයකට රුපියල්.25,000 බැගින් රුපියල්.75,000ක දඩ මුදලක් නියම කර අවවාද කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ උපදෙස් මත තවදුරටත් මෙම ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ගවලින් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරනු ලබනවා.