Thursday, April 25, 2024

General line - 0115112241

වදකයින් බඳවා ගන්න අවසර ඉල්ලයි

නිශාන් ද සිල්වා




මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත වදක තනතුරට දෙදෙනෙකු බඳවා ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර ආරංචි නෙත් නිවුස් වෙත කියාසිටියේ එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බවයි.

මරණ දඬුවම වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මීට පෙර මරණ දඬුවම කි‍්‍රයාත්මක වූයේ බෝගම්බර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ පමණයි.

එහෙත් බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ස්ථාපිත කිරීම හේතුවෙන් එහි මෙම දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ පහසුකම් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

වැලිකඩ බන්ධනාගාරය සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී වදකයින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා. ඉන් එක් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණේ මීට වසර 03කට පෙරයි. මෙවැනි  සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා වදකයින් කෙටි කලකින් එම ධුරය හැරයන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

වදක තනතුරු සඳහා මින් පෙර අවස්ථාවකදී දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වුණා. එහෙත් ඔවුන් පුහුණුව ලබමින් සිටි අතරතුර නිවාඩු ලබා සේවයට ප‍්‍රමාද වී වාර්තා කළැයි ඔවුන් සේවයෙන් නෙරපා ඇති බවයි වාර්තා වුණේ.