Wednesday, April 24, 2024

General line - 0115112241

ලොවක් කම්පා කරමින් මරා දැමු මහ මුහුදේ දැවැන්තයා (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තල්මසුන් දඩයමේ යෙදී සිටි අයිස්ලන්ත ධිවරයින් පිරිසක් විසින් වසර 50 කට පසුව මුල්වරට "නිල තල්මසෙක්" දඩයම් කර ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. 

ඉතා හොදින් වැඩුණු නිල් තල්මසෙක් වන මෙම සත්වයා දිගින් අඩි 102 ක් පමණ වුවා. සාගර විශ්ලේෂකයින් පවසන්නේ හොදින් වැඩුණු නිල් තල්මසෙක් දිගින් අඩි 108 ක් පමණ වන බවයි. 

Hvalur 8 නම් අයිස්ලන්ත ධිවර නෞකාවක් විසින් මෙම නිල් තල්මසා දඩයම් කර තිබු අතර එය කොටස් කිරීමෙන් අනතුරුව ජපානයේ මත්ස්‍ය වෙළදපලට යවන බවයි ඔවුන් සදහන් කරන්නේ. 

වඳ වේගන යන සත්ව කොට්ඨාෂයක් ලෙස නම්කර තිබෙන නිල් තල්මසුන් ගෙන් දැනට සාගරයේ ඉතිරිව සිටින්නේ 10000-25000 කට ආසන්න පිරිසක් බවයි සාගර විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

තල්මසුන් දඩයම නීතිවිරෝධී ක්‍රියාවක් වුවත් ජපානය, අයිස්ලන්ත ධිවරයින් මේ දක්වාම වාර්ෂිකව තල්මසුන් දඩයමේ නිරතවනවා.