Saturday, April 20, 2024

General line - 0115112241

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ ලිඛිත පරීක්‍ෂණය අද සිට අලුත් ක්‍රමයකට

නිශාන් ද සිල්වා




රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී පැවැත්වෙන විභාගයේ ලිඛිත පරීක්‍ෂණය අද (12) සිට නව ක‍්‍රමවේදයකට සිදුවනවා.

ඒ අනුව ලිඛිත පරීක්‍ෂණය පරිගණක ස්පර්ශ තිර ආධාරයෙන් ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමටයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසුවේ එහි ආරම්භය වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදි අද සිදුවන බවයි. 

මුල් අදියරේදී එම කාර්යාලයේ පමණක් මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එකවර 150 කට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ. විභාග අක‍්‍රමිකතා වැළැක්වීම, කඩිනමින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම මෙම නව ක‍්‍රමවේදය යටතේ සිදු කිරීමට අපේක්‍ෂිතයි.