Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරග ඉතිහාසය මෙන්න

කසුන් කැළුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (12) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් තරගයට මුහුණ දෙනවා.

මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයේ පසුවන දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ශී‍්‍ර ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් සඳහා එක් වන්නේ වසර 4කට පසුවයි. 

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකාවට මෙවරද දකුණු අපි‍්‍රකානු වේග පන්දු බලඇනියෙන් වැඩි පීඩනයක් එල්ලවනු ඇති බවටයි කි‍්‍රකට් විචාරකයින් අනාවැකි පළ කර ඇත්තේ. 

දෙරට මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරගාවලි සංඛ්‍යාව 10ක්. ඉන් ටෙස්ට් තරගාවලි 7ක් ජයග‍්‍රහණය කරමින් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතීත තරග වාර්තා අනුව ඉදිරියෙන් සිටිනවා. ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාවට එරෙහිව ජයගෙන ඇත්තේ ටෙස්ට් තරගාවලි 2ක් පමණයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කර ඇත්තේ 2011 වසරේ ඩර්බන් හිදියි. 

තිලකරත්න ඩිල්ෂාන් නායකත්වය දුන් එම තරගය ශී‍්‍ර ලංකාව ලකුණු 208කින් ජය ගත්තේ දකුණු අපි‍්‍රකාවේ දී ශී‍්‍ර ලංකාව ලද පළමු ටෙස්ට් ජයග‍්‍රහණය වාර්තා කරමින්. 

දකුණු අපි‍්‍රකාවට එරෙහිව ශී‍්‍ර ලංකාව සිය මව්රටේදී අවසන් වරට ටෙස්ට් ජයග‍්‍රහණයක් වාර්තා කර ඇත්තේ 2006 වසරේදීයි. 

එතැන් සිට මේ දක්වා දකුණු අපි‍්‍රකාවට එරෙහිව ටෙස්ට් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාවට සිය මව් රටේදී හැකි වී නැහැ.
 
දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 25ක්. ඉන් තරග 14ක් දකුණු අපි‍්‍රකාව ජය ගත් අතර ශී‍්‍ර ලංකාව ටෙස්ට් තරග 5ක් ජය ගත්තා. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 06ක්.