Wednesday, April 24, 2024

General line - 0115112241

මග හරස්කොට අල්ලාගත් පොළොන්නරුවේ ප්‍රබල දේශපාලඥයකුගේ ගෝලයාගේ දඩමස් ජාවාරම




පොළොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් ඊයේ (11) උදෑසන ලද තොරතුරකට අනුව පෙ.ව 9.00 ට පමණ දඩමස් රැගෙන එන වාහනයක් පරික්ෂා කිරීමට උත්සහා කළ අතර එම වාහනය වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කර තිබෙනවා. එය හඹා ගොස් වාහනය හරස් කොට නවතා වාහනය පරික්ෂා කිරීමේදී වේලන ලද ගෝන මස් කිලෝ 10ක් සොයාගැනීමට වනජීවී නිලධාරීන් හට හැකිව තිබෙනවා.

අනතුරුව පොළොන්නරුව උසාවියට ඊයේ (11) ඉදිරිපත් කර ඇති අතර රුපියල් 40,000/= දඩයක් නියම කර ඇත. මොහු ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාර කරුවෙකු වන අතර ඔහුගේ හෝටලය වෙත කලක සිට මෙසේ මස් රැගෙන යන බවද අනාවරණය වී තිබෙනවා..

සැකකරු තමන්කඩුව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අයෙකු බවයි පැවසෙන්නේ.