Friday, April 19, 2024

General line - 0115112241

ගල්කිස්සේ දී කෝප‍්‍රල්වරයෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




ගල්කිස්සේ දී හමුදා කෝප‍්‍රල්වරයෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ටී 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 14ක් සහ මැගසින් එකක් ද සමගයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුණකොළපැලැස්ස හැල්කඩ ප‍්‍රදේශයේ ඔහුගේ මිතුරෙකුගේ නිවසක සැගව සිටියදී බව පොලිසිය පවසනවා.

ගිනි අවිය සහ ජීව උණ්ඩ සොයාගෙන ඇත්තේ සැකකරුට අයත් වාහන සේවා සැපයුම් ස්ථානයක තිබියදීයි. 

ගල්කිස්ස චකින්දාරාම පාරේ දී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු තුවාල ලැබුවා. ඒ, යුද හමුදා ලූතිතන් කර්නල්වරියකට අයත් නිවසකදීයි.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ කෝප‍්‍රල්වරයා අදාළ හමුදා නිලධාරිණියගේ රියදුරා බවයි පසුව අනාවරණ වුණේ.

හමුදා කෝප‍්‍රල්වරයා හා කාන්තාවක් අතර තිබූ පේ‍්‍රම සබඳතාවක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසනවා.