Friday, March 29, 2024

General line - 0115112241

මරණ දඬුවම ලබාදිය යුතු පිරිසගේ ලැයිස්තුව තවම අමාත්‍යාංශයේ

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




මරණ දඬුවම ලබාදිය යුතු පිරිසගේ ලැයිස්තුව මේ දක්වා අධිකරණ අමාත්‍යංශය විසින් ජනාධිපතිවරයා වෙත ලබාදී නොමැති බව වාර්තා වනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11) ප‍්‍රකාශ කළේ අදාළ ලැයිස්තුව තමාට ලබාදෙන ලෙස පෙරේදා (10) පස්වරුවේ අධිකරණ අමාත්‍යංශය දැනුවත් කළ බවයි.

එය ලැබීමෙන් පසු අදාළ ලේඛනයට අත්සන් තැබීමට සූදානම් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

මෙලෙස තොරතුරු ඉල්ලා ඇත්තේ මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන සිරකරුවන් පිළිබඳවයි. 

නෙත් නිවුස් කළ විමසීමකදී බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ එලෙස මරණ දඬුවම ලබාදීමට සිටින්නේ 13 දෙනෙකු පමණක් බවයි. 06 දෙනෙකු තම දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා කඩිනමින් ගත යුතු ක‍්‍රියාමාර්ග රැසක් පවතින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. 

මේ අතර මරණ දඬුවම ලබාදීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති තීරණයට එකග විය නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා.