Thursday, March 28, 2024

General line - 0115112241

ලේඛන අරං නාමල් අධිකරණයට එයි

අධිකරණ වාර්තාකරු




අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටෙෂන්  පුද්ගලික  සමාගම හරහා විශුද්ධීකරනය කළේ  යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට  එරෙහිව පවතින නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (12) මෝසමක් මගින් කැඳවූවා.

නීතිඥවරයකු මාර්ගයෙන් මෙම මෝසම ගොනු කරමින් නාමල් රාජපක්ෂ දන්වා සිටියේ අසනීප තත්වයක් හේතුවෙන්  පසුගිය ජූනි මස 24 වැනිදා ඔහුට  මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

මෙම නඩුවේ ඇප කොන්දේසියක් ලෙස සැකකරුට මාස දෙකකට වරක් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබුණා. 

මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටීම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර ඇති බැවින් එම කාරනය නොසලකා හරින බව අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.