Friday, March 29, 2024

General line - 0115112241

අමිත් වීරසිංහ හිර ගෙදර උපවාසයක් අරඹයි

පර්සි කුරුනේරු - අනුරාධපුර




මහසෝන් බලකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ, තමන්ට ඇප ලබා දෙන ලෙසට බල කරමින් අනුරාධපුර බන්ධනාගාරය තුළ ඊයේ (11) දවල් සිට උපවාසයක් ආරම්භ කොට තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ මහනුවර සහ තෙල්දෙණිය යන ප්‍රදේශවල දෙපිරිසක් අතර ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිනවා.

මේ අනුව දැනට මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින තමන්ට ඇප ලබා දෙන ලෙසට බල කර සිටිමින් ඊයේ දවල් 12.00 සිට නිරාහාරව සිටිමින් ඔහු මෙම උපවාසය ආරම්භ කොට ඇති බව අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු පැවසුවා.