Thursday, April 25, 2024

General line - 0115112241

රෝගීන්ගේ ආරක්ෂාව පතා කරාපිටියේ හදවත් සැත්කම් නවතාලයි

ලලිත් චාමින්ද - ගාල්ල




කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද  ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රීය වි ඇති   මධ්‍යම වායු සමිකරණ පද්ධතිය  අලුත් වැඩියා නොකිරිම නිසා රෝගින්ගේ ආරක්ෂාව ගැන සිතා  ලබන සදුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්විමට කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස්කුහර පිළිබද විශේෂඥ ශල්යන වෛද්ය  නාමල් ගමගේ තිරණය කර තිබෙනවා.

හෘද රෝගින් සැත්කම්වලට ලක් කිරිමෙන් පසු  ඇතුලත් කරණු ලබන්නේ හෘද  ශල්‍ය දැඩි සත්කාරක ඒකකය සඳහා වන අතර මධ්‍යම වායු සමිකරණ පද්ධතිය අක්‍රීය වීම නිසා  එම රෝගින්ට නිරන්තරයෙන් විෂබිජ ආසාදනය වන බැව් එම ඒකකයේ ආරංචි මාර්ග සදහන් කරනවා. දැනට මෙම දැඩි සත්කාරක ඒකකයේ  සාමාන්‍ය  වායු සමිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන අතර එ්වා ප්‍රමාණවත් නොවන බව පැවසෙනවා. ශල්‍යාගාරයේ ප්‍රමිතියෙන් යුත් වායු සමිකරණ  පද්ධතියක් නොමැති බැවින් සැත්කම්වලට ලක්කළ හෘද රෝගින් වරින්වර දරුණු විෂබිජ ආසාදනයන්ට ලකව තිබෙනවා.

දරුණු විෂබිජ ආසාදනයට ලක්විමෙන්  සතිදෙකකට වරක් එක් රෝගියෙක් පමණ මිය යන බවද එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළා. මෙම තත්වය නිසා හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ විසින් හෘද සැත්කම් වලට භාජනය කරණු ලබන්නේ  වෙනත් සංකුලතා නොමැති  ශක්තිමත්  හෘද රෝගින් පමණි. එවැනි රෝගින්ට තද උණ වැළදුණු අවස්ථා තිබෙන අතර මේ වනවිටත් සැත්කම්වලට ලක් කළ හෘද රෝගියකු විෂබිජ ආසාදනය විමෙන් තද උණ වැළදි දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙහි වායු සමිකරණ පද්ධතිය අලුත්වැඩියා කරදෙන ලෙස අවස්ථා ගණනාවකදි බලධාරින්ගෙන් ඉල්ලිම් කළද ඉන් පලක්වී නැත.  රෝගින්ගේ ජිවිත ආරක්ෂාව ගැන සිතා හදිසි කටයුත්තක් ලෙස සලකා මෙම වායු සමිකරණ පද්ධතිය සකස් කරදෙන ලෙස  හෘද රෝගින්ද සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.  සැත්කම් කළ යුතු හෘද රෝගින් 3000කට ආසන්න සංඛ්යාවක්  පොරොත්තු ලේඛණයේ සිටින බවද වාර්තා වනවා.

මේ පිළිබද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායකගෙන් අප මේ පිළිබඳ විමසුවා. 

" හෘද ශල්‍ය  දැඩි සත්කාරක ඒකකයේ  මධ්‍යම වායු සමිකරණ  පද්ධතිය අක්‍රීය වෙලා තියෙනවා. මේ ගැන නාමල් ගමගේ වෛද්‍යතුමා මට ලිඛිතවත්  දන්වලා තියෙනවා. ඔහු මා හමුවි මේ  ගැන කිව්වා.   වායු සමිකරණ පද්ධතියේ අලුත්වැඩියා කිරිම ප්‍රමාද නිසා  ලබන සඳුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්වන බව  ඔහු පැවසුවා. මෙය අලුත් වැඩියා කරන්න ටෙන්ඩර් කැදවලා  තියෙනවා ගනමුත්  මේ සදහා  මිලියන ගණනාවක් වැයවෙනවා. එම සිමාව ඉක්මවා ගිහින් තියෙන නිසා   අමාත්‍යංශයට යොමු කරලා තියෙනවා.  අනුමැතිය ලැබුණු ගමන්  අලුත්වැඩියා කටයුතු පටන් ගන්නවා. කාලයක ඉදලා  වායු සමිකරන පද්ධතිය අලුත් වැඩියා කරදෙන ලෙස මගෙන් ඉල්ලිම් කරලා තියෙනවා.  ප්‍රමාධයට  විවිධ හේතු තියෙනවා. දැනටත්  ටෙන්ඩරය පටිපාටිය යනවා" යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවා.