Saturday, April 20, 2024

General line - 0115112241

කාන්තාවක් පවත්වාගෙන ගිය ගැහැනු පිරිමි බූරුවා ගැසූ බූරු පොළක් අල්ලයි

ලලිත් චාමින්ද - ගාල්ල




පිටිගල පොලිස් බල ප්‍රදේශයේ අමුගොඩ කන්දවත්ත ප්‍රදේශයේ පාළු නිවසක කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය බූරු පිටියක් වටලා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු  ඇතුළු 11 දෙනෙකු  අත්අඩංගුවට ගත් බැව් පිටිගල පොලිසිය පැවසුවා.

බූරුවා පිටිය වටලන අවස්ථාවේ කාන්තාවන් කිහිප දෙනෙකු  පැනගොස් ඇති අතර බූරුවා ගසමින් සිටි පිරිමි 06 දෙනෙකුද එහිදී අත්අඩංගුවට ගෙන ඇත. කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙකි බූරු පිටිය  පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. බුරුවා ගසමින්  සිටි කාන්තාවන්  වයස අවුරුදු 30හා 40 යන වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය  පවසනවා.

මෙම කාන්තාවන් උදේ සිට  සවස්වනතුරු බුරුවා ගැසිමේ නිරත වි ඇති අතර, මුදලට බුරුවා ගැසිමේ  යෙදිසිටි කාන්තාවන් හා පිරිමින් අද (12) අධිකරණයට ඉදිරිපත් කෙරුනා.