Tuesday, April 16, 2024

General line - 0115112241

කුඩුකාරයින් එල්ලනවාට පෙර එල්ලිය යුතු පිරිසක් ගැන ඥාණසාර හිමි කියයි

නිශාන් ද සිල්වා




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව රටේ යහපත වෙනුවෙන් හොඳ රැඩිකල් තීන්දුවක් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. 

"පැවිද්දෝ හැටියට අපිට මිනී මරන්න කියල අනුශාසනා කරන්න බැහැ. හැබැයි රටේ යහපත වෙනුවෙන් පාලකයින් මේ වගේ රැඩිකල් තීන්දු ගත යතුයි. පාලකයෝ පැවිද්දෝ වෙන්න ඕන නැහැ. මේ තීන්දු හෙට වෙද්දි වෙනස් වෙයිද නැද්ද කියන්න දන්නේත් නැහැ. අපේ රට එකඟ වෙලා තියෙන ජාත්‍යන්තර සම්මුති එක්ක මෙය කළ හැකිද දන්නෙත් නැහැ.

කෙසේ වෙතත් තව දෙයක් මතක තබාගත යුතුයි. මේ කුඩු කාරයින්ට මේ මහ පොළොවේ හැදෙන්න ඉඩ දුන්නේ කවුද. මේ ජාවාරම්කාරයින් ආරක්ෂා කළේ කවුද? අන්න ඒ මිනිස්සු කුඩු කාරයින්ට කලින් එල්ලන්න ඕන."

උන්වහන්නේ මේ බව පැවසුවේ අද (12) පැවති මාධ්‍ය හමුවකදීය.