Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති බදියුර්දීන් අධිකරණයට අපහාස කළැයි නඩුවක් වැටේ




දිවුරුම් ප‍්‍රකාශයක් මගින් අසත්‍ය කරුණු ඉදිරිපත් කර අධිකරණයට අපහාසයක් කර ඇතැයි පවසමින් අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව අද නඩුවක් ගොනු කෙරුණා. ඒ නීතීඥ නාගානනද් කොඩිතුවක්කු විසින්. 

මන්නාරම, විලත්තකුලම් රක්ෂිතය නීතිවිරෝධීව හෙළි කර ජනාවාස ඇති කළ බවට චෝදනා කරමින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව රීට් පෙත්සමක් පවතිනවා. ඊට අදාළව ගොනු කළ දිවුරුම් පෙත්සමකින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ජනාවාස ඇති කළ ප‍්‍රදේශයේ එල් ටී ටී ඊ තර්ජන පැවතීමට පෙර කාලයේ සිටම මුස්ලිම් ජාතිකයින් පදිංචි වී සිටි බවයි. එහෙත් ඒ බව තහුවරු කිරීමට කිසිඳු සාක්ෂියක් නොමැති බව අද ගොනු කෙරුණු නඩුවෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ප‍්‍රකාශ කර තිබෙනවා.