Friday, April 19, 2024

General line - 0115112241

ජනපතිගේ තීරණයට මල්වතු අස්ගිරි උභය විහාරීය මහා සංඝරත්නයේ ප්‍රසාදය




අපරාධ මර්දනය කිරීම සඳහා පාලකයෙකු විසින් නීතිය කි‍්‍රයාත්මක කිරීම වරදක් නොවන බව අස්ගිරි සහ මල්වතු පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය අද ප‍්‍රකාශ කළා. 

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශී‍්‍ර විමලධම්ම හිමියන් පැවසූවේ නීතියක් ක්‍රියාත්මක කිරීමේදී එය පොදු ජනතාවගේ යහපත සඳහා ක්‍රියාත්මක කළ යුතු බවය. එය පාලකයින්ගේ වගකීම බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. බුදුන් වහන්සේ පවා රජු ජනතාවගේ යහපත පිනිස නීතියක් ක්‍රියාත්මක කිරීම වරදක් නොවන බව වදාරා ඇති බව වැඩිදුරටත් පැවසුවා.

අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ,  රටේ පවතින නීතිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමෙන් රටේ අපරාධ තුරන් කර සදාචාරවත් සාමකාමී සමාජයක් බිහිකිරීමේ අභිලාශයෙන් ජනාධිපතිවරයාගේ වගකීම ඉටු කිරීමක් බවයි.