Thursday, April 25, 2024

General line - 0115112241

විජයකලාට මන්ත්‍රීධූරයත් අහිමිකළ යුතුයි - එජාප ප්‍රබලයෙක් තම මතය කියයි

දිල්ෂාන් තුෂාර




හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉකුත් දා කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය නවීන් දිසානායක අද (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකළා.

"විජයකලා මහේෂ්වරන් කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් පැවැත්වෙනව. අපි හරියට දැනගන්න අවශ්‍යයි ඇය කිව්වේ මොකක්ද කියල. ඒ මගින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වෙනවද පක්ෂයේ විනය උල්ලංඝනය කළාද දැනගන්න අවශ්‍යයි. එමගින් ඇය සම්බන්ධයෙන් ගතයුතු තීරණය ගනියි. නමුත් මගේ පෞද්ගලික අදහසනම් ඇයට ඇමතිධූරය පමණක් නොවෙයි මන්ත්‍රීධූරයත් අහිමි කළ යිතුයි කියලයි. කාටද ප්‍රශ්න නැත්තේ. දකුණේ අපිටත් ප්‍රශ්න තියෙනව. අපි ගිහිල්ල ඔය වගේ ප්‍රකාශ කරන්නේ නැහැ."