Friday, April 19, 2024

General line - 0115112241

යුධ හමුදාවට තොරතුරු දෙන්න එපා




යුධ හමුදාවට තොරතුරු දීමෙන් වළකින්නැයි තමන් සියලුම නිලධාරින් ගෙන් ඉල්ලීමක් කරන බව උතුරු පළාත් මහ අමාත්‍ය සි.වී. විග්නේශ්වරන් අද (12) කිලිනොච්චියේ පැවති උත්සවයකදී  ප්‍රකාශ කර සිටියා.

" මම සියලුම නිලධාරීන්ට කියන්න කැමති කිසිම යුධ හමුදා නිලධාරියෙක්ට තොරතුරු දෙන්න එපා. ඇවිල්ලා ඉල්ලුවොත් කියන්න මම දෙන්න එපා කියලා තියෙන්නේ කියලා. ඕන නම් මගෙන් අහලා තොරතුරු දෙන්නම් කියලා කියන්න. මධ්‍යම රජයෙන් එක පාලනයක් වෙනවා, පළාත් සභාවෙන් එක පාලනයක් වෙනවා, ඒ දෙකටම අමතරව දැන් ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා. මම කියන්න කැමති මේකෙන් කරදර විදින්නේ අපේ ජනතාව. අපි ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මේ නිසයි. ඒ වගේමයි පළාත් 09 ම ස්වයං පාලනයක් ඉල්ලන්න ඕනේ" උතුරු පළාතේ මහ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.