Friday, March 29, 2024

General line - 0115112241

ඊජිප්තු ගුවන් තොටුපලේ පිපිරීමක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඊජිප්තුවේ කයිරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ  පිපිරීමක් සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා. මෙම පිපිරීම් ශබ්දය නගරයේ බොහෝ දුර ඈත ප්‍රදේශවලට පවා ඇසි ඇති බවයි වාර්තා වන්නේ.

බලධාරීන් පවසන්නේ මේ වන විට ගුවන් තොටුපලේ සියලුම ගුවන් සේවාවන් සහ මෙහෙයුම් කටයුතු නතර කර ඇති බවයි.

මේ අතර මෙම පිපිරීමට හේතුව ගුවන් තොටුපල ආසන්නයේ පිහිටා තිබෙන ඉන්ධන ගබඩාවක පිහිටි ටැංකි දෙකක් පුපුරා යාමෙන් බවයි එරට සිවිල් ගුවන් සේවා ඇමතිවරයා රොයිටර් පුවත් සේවයට තහවුරු කර තිබෙනවා.