Saturday, April 20, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවේ කාර්මික නිෂ්පාදන දර්ශකය ඉහළ යයි




ශී‍්‍ර ලංකාවේ කාර්මික නිෂ්පාදන දර්ශකය ඉකුත් වසරේ මැයි මාසයට සාපේක්‍ෂව මෙම වසරේ මැයි මාසයේදී සියයට 2 කින් පමණ වැඩි වී තිබෙනවා. රටක කාර්මික නිෂ්පාදන දර්ශකය යනු එම රටෙහි ආර්ථිකයේ කාර්මික අංශයේ ස්වරූපය හදුනා ගැනීම සදහා යොදාගන්නා නිර්ණායකයක්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව ශී‍්‍ර ලංකාවේ කාර්මික නිෂ්පාදන දර්ශකය ඉකුත් වසරේ මැයි මාසයේදී 103 යි දශම 3 ක් වුණා. මෙම වසරේ මැයි මාසයේදී එහි අගය 105.7 ක් දක්වා වැඩි වී තිබෙනවා. 

මෙහිදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, පිරිසකසන ලද ලෝහ නිෂ්පාදනය සහ අගුරු නිෂ්පාදනය සහ ඛනිජ තෙල් ද්‍රව්‍ය පිරිපහදුව යන ක්‍ෂේත‍්‍රවලයි. ආහාර නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේද සියයට 3 කට ආසන්න වර්ධනයක් සිදුව තිබෙනවා.

කෙසේවෙතත් විදුලි උපකරණ, යන්ත‍්‍ර සූත‍්‍ර හා උපකරණ, කඩදාසි සහ කඩදාසි ආශි‍්‍රත නිෂ්පාදනයන්හි කැපී පෙනෙන අඩුවීමක් සිදුවී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.