Wednesday, April 24, 2024

General line - 0115112241

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් : 19 ක් මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනයේ සින්චුහාන් ප්‍රාන්තයේ රසායනික ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙක් මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

රසායනික කම්හලේ සිදුවූ පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවයි සින්චුහාන් ප්‍රාන්ත බලධාරීන් නිවේදනයක් නිකුත් කලේ.

2015 වසරේදී චීනයේ Tianjin ප්‍රාන්තයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 165 දෙනෙක් මියගියා. 

දිනෙන් දින ඉහල චීනයේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුවෙන අනතුරු හේතුවෙන් වන ජිවිත හානි අවම කර ගැනීමට එරට බලධාරීන් සැලකිලිමත් නොවීම ගැන විශාල ගැටලුවක් මතුවී තිබෙන බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.