Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුම් 04ක් (PHOTOS)




ශි‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර වෙළද සහ තාක්‍ෂණික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිිරීම සදහා අවධානය යොමුවී තිබෙනවා. ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයත් චා  ඕ චා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡවකදීද ඒ පිළිබද අවධානය යොමු වුණා.

කෘෂිකාර්මික, කාර්මික සහ ඇසුරුම්කරණ යන ක්‍ෂේත‍්‍රවලින් තායිලන්තය ලබාගෙන ඇති ප‍්‍රගතිය අගය කරන බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී කියාසිටියේ. එම ක්‍ෂේත‍්‍රවල ප‍්‍රවර්ධනය සදහා ශී‍්‍ර ලංකාවටද සහාය වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කළා. දෙරටේ බෞද්ධ උරුමය ලොවපුරා ප‍්‍රචලිත කිරීම සදහා ඒකාබද්ධ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරුණා.

දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4 ක් ද අත්සන් තබා තිබෙනවා.