Saturday, April 20, 2024

General line - 0115112241

පාන් මිළ ඉහළට! බේකරි කර්මාන්තය අවධානමකට මුහුණ දෙයි

නිශාන් ද සිල්වා




පාන් ඇතුළු සියළුම බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන එහිදී මෙසේ වැඩිදුරටත් අදහස් දැක්වූවා. " ඩීසල් මිල ඉහළ යාම දරාගන්න පුළුවන්. ඒත් ඩොලරයේ මිල ඉහළ යාමත් එක්ක විදේශයන්ගෙන් ආනයනය කරන සියළුව අමුද්‍රව්‍යවල මිල ඉහළ ගිහින් තියෙනව. ඒ නිසා සියළුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන්න කියල ශ්‍රී ලංකාව පුරා සිටින සියළුම බේකරි හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැතුව මේ කර්මාන්තය දිගටම කරගෙන යන්න අපහසුයි."

කෙසේවෙතත් පාන් හෝ සෙසු බේකරි නිෂ්පාදනවල මිළ කොපමණ ප‍්‍රමාණයකින් වැඩි කරන්නේ දැයි තවමත් අවසන් එකගතාවකට එළඹ නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය අද රැස්වී ඒ පිළිබද සාකච්ඡා කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.