Friday, April 26, 2024

General line - 0115112241

එල්ලා මරණ අයගේ ලයිස්තුව දවසෙන් දෙකෙන් ජනපතිට දෙන්න බැහැ - අධිකරණ අමාත්‍යාංශය කියන කතාව

ඩිල්ෂාන් මඩවල/ නිශාන් ද සිල්වා




මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව තවදුරටත් එම වැරදි සිදුකරන්නන් සම්බන්ධයෙන් නාම ලේඛණයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශයට භාරදී තිබෙනවා. කෙසේවෙතත් සිය නිර්දේශ සහිතව එම නාමලේඛණය ජනාධිපතිවරයා වෙත භාරදීම දිනක් හෝ දෙකක් ඇතුළත සිදුකළ නොහැකි බවයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී කියාසිටියේ. 

බන්ධනාගාරගත සෑම තැනැත්තෙකුටම ලිපි ගොණු දෙකක් පවත්වාගෙන යනවා. ඒ, නඩු ගොණුව සහ බන්ධනාගාර වාර්තාවයි. අදාළ නාමලේඛණය ජනාධිපතිවරයා වෙත භාරදීමට පෙර එහි නම් සදහන් සෑම තැනැත්තෙකුගේම මෙම ලිපිගොණු දෙකම පරීක්‍ෂා කර නිරවද්‍යතාව තහවුරු කරගත යුතු බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී වැඩිදුරටත් කියාසිටියා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී බන්ධනාගාරගතවද තවදුරටත් එම වැරදි සිදුකරන්නන්ට මරණ දඩුවම කි‍්‍රයාත්මක කරන බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා පැවසුවේ. එලෙස  බන්ධනාගාරගතවද තවදුරටත් මත්ද්‍රව්‍ය වැරදි සිදුකරන මරණ දඩුවම නියමවුවන් පිළිබද නාමලේඛණයක් කැදවා ඇත්තේද ඒ අනුවයි.