Friday, April 19, 2024

General line - 0115112241

දැන් ලංකාවේ ගොයම් කපන්නෙත් ඉන්දියානුවන් ඇවිත් - විදේශකයින් ලක්ෂගණනක් ශ්‍රී ලංකාවේ රැකියා කරන හැටි ඇමති චම්පික රණවක හෙළිකරයි

හරිත පෙරේරා




සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නම් ශී‍්‍ර ලංකාවේ තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය තවදුරටත් බලගැන්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ ඊයේ පැවති මහජන සම්මන්ත‍්‍රණයකදීයි.

ශී‍්‍ර ලංකාවේ ශ‍්‍රම බලකායේ ඇති දුර්වලතා නිසා විදේශිකයන් සංචාරක වීසා මත ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගෙන රැකියාවල යොදවා ගැනීමට සිදුව ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

"අපේ රටේ අැප් හදන අය තේ පොල් රබර් ඇඟළුම් කියන මේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ග වලින්ට වඩා උපයනවා. අද අපේ කුඹුරට යන්න, හේනට යන්න, ඉදි කිරීම් කර්මාන්තයේ රැකියාවලට යන්න ගොඩක් දෙනෙක් මැලි වෙනවා. අපිට පිළිගන්න වෙනවා මේ කටුක යතාර්ථය. ඉන්දියාව පාකිස්ථානය බංග්ලාදේශය වැනි රටවලින් සංචාරක වීසා අරගෙන ඇවිත් 2,50,000ක පිරිසක් අපේ රටේ නොයෙක් රැකියාවල නිරත වෙනවා.

මම එකදවසක් ගියා මොර වැවට එහේ ගොයම් කප්න්නේත් ඉන්දියාවෙන් ඇවිත්. ගොවියෝ කුඹුරට බහින්නැහැ. මොබයිල් ෆෝන් එක අතේ තියන් පාරට වෙලා ඉන්නව. කොටින්ම කිව්වොත් මොබයිල් ෆෝන් එකෙන් ගොයම් කපන්නේ." 

සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නම් මෙම දුර්වලතා මගහරවා ගැනීම සදහා ශ‍්‍රම බලකායේ ආකල්පමය වෙනසක් සිදුකළ යුතු බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවා.