Thursday, April 25, 2024

General line - 0115112241

පියතුමෙක් අභිරහස් ලෙස මහ පාරේ ස්වර්ගස්ථ වෙයි

ජූඩ් සමන්ත




මාදම්පේ සේනානායක විද්‍යාලය අසල මහ මග යතුරු පැදියෙන් වැටී සිටියදී හමුවූ කතෝලික පියතුමෙකු ස්වර්ගස්ථ ඇති බව, මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැන ගැනීමට ලැබුනේ යැයි මාදම්පේ පොලීසිය පවසනවා.

ඊ‍යේ (12) දා රාත්‍රී 11.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත. ස්වර්ගස්ථ වී ඇත්තේ මාදම්පේ සෙබස්තියන් දේවස්ථානයේ සහායක මීසම් පාලක ලෙස කටයුතු කරමින් සිටි වර්ණකුලසූරිය නිලාන් ප්‍රසංග ප්‍රනාන්දු පියතුමන් බවට හදුනා ගෙන ඇත.

යතුරු පැදියක් සමග කිසියම් අයෙකු බිම වැටී සිටින බවට ලද තොරතුරක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇත.පසුව බිම වැටී සිටි අයව එම අවස්ථාවේදීම මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. ඒ වන විටත් උන්වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බව රෝහලේ වෛද්යයවරුන් පොලීසිය හමුවේ පවසා තිබෙනවා. පියතුමන් ස්වර්ගස්ථ වී ඇත්තේ හදිසි අනතුරක් හේතුවෙන්ද,එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනවා.