Wednesday, April 24, 2024

General line - 0115112241

මිලියන 12ක අත් පළඳනාවක් අළෙවි කරද්දි අත්අඩංගුවට




ගජමුතු අළෙවි කිරීමේ ජාවාරමක් බේරුවල පොලීසිය විසින් හෙළිකර ගෙන තිබෙනවා. සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ (12) රාති‍්‍ර කළ වැටලීමකින් අත්අඩංගුවට ගැණුනු බවයි පොලීසිය පවසන්නේ.

ගජමුතු සහිත අත් පළදනාවක් රුපියල් එක් කෝටි විසි ලක්‍ෂයකට අළෙවි කිරීමට සූදානම්වී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත් පළදනාවේ ගජමුතු 13 ක් තිබෙන බවයි මූලික විමර්ශනවලින් හදුනාගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනවා.