Saturday, April 20, 2024

General line - 0115112241

කෝටි 5ක මුදල් රට පන්නන්න හදද්දී මාට්ටු

ඩිල්ෂාන් මඩවල




රුපියල් කෝටි 5 ක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් නීතිවිරෝධීව ශී‍්‍ර ලංකාවෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් තුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අද (13) අත්අඩංගුවට ගැණුනා.

ඔවුන් තුන්දෙනා ඩුබායි බලා පිටත්ව යාමට සුදානම්ව සිට ඇති බවයි විමර්ශනවලින් හෙළි වුණේ. මෙම පිරිසෙන් එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වනවා. අනෙක් දෙදෙනා ශී‍්‍ර ලාංකිකයන්. අදාළ මුදල් තොගයට අමෙරිකානු ඩොලර් සහ යුරෝ ද ඇතුළත් වුණා.