Thursday, April 25, 2024

General line - 0115112241

වැඩ්ඩෙක් වගේ ගණුදෙණු කරන්න බය සැක නැතිව ක්‍රෙඩිට් පාවිච්චි කරන්නේ මෙහෙමයි..!




ක්‍රෙඩිට් කාඩ් කියපු ගමන් ගොඩක් දෙනාට මතක් වෙන්නේ තමන්ව අමාරුවෙ දාන්න බලාගෙන ඉන්න කෙනෙක් කියලා. මොකද ගොඩක් දෙනාට තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් ගැන අනියත බියක්. ඒකට ප්‍රධානතම හේතු සාධකය වෙලා තියෙන්නෙ මූල්‍ය විනයකින් තොරව ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරපු ඇතැම් අය සමාජගත කරපු විවිධ මත බව හොඳින්ම වටහා ගත යුතු කරුණක්.

මේ වෙද්දිත් ඔයා Debit Card එකක් පාවිච්චි කරනවා ඇති. හැබැයි Credit Cards ගැනනම් ඇත්තටම ලොකු දැනුමක් නැතිවෙන්න පුළුවන්. කොහොම වුනත් අපි අද ඔයාට කියන්න යන්නෙ  බයක් සැකක් නැතිව Credit Card එකක් අගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියලා.

Credit Card කියන එකේ සිංහල තේරුම වෙන්නෙ “ණය කාඩ්” කියන එක. හරියටම කියනවනම්  ඔයා Credit Card එකක් ගත්තා කියන්නෙ ඔයා කිසිම පොලියක් නැතිව බැංකුවෙන් ණය මුදලක්   ගත්තා වගේ වැඩක්. ඉතිං ඔයාට Credit Card එක හරහා ලැබෙන මේ ණය මුදල මාසෙ පුරාවටම ඔයාගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් වියදම් කරලා  ඒ ණයට දීපු සල්ලි මාසෙ අන්තිමට කිසිඳු පොලියක් නැතිව ගෙවන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ණය කාඩ්පතක එහෙමත් නැත්තම් Credit Card එකකින් සිදුවෙන්නෙ මේ දේ වුනාට  Credit Card එකකින් ලැබෙන තවත් ප්‍රයෝජන රැසක්ම තියෙනවා.

හිතන්න ඔබ ආසම කරන දුරකතනයක් එහෙමත් නැත්තම් පරිගණකයක් ඔබට මිලදී ගන්න හිතෙනවා. හැබැයි එකසැරේ සල්ලි දීලා ඒ දේ මිලදී ගන්න ඔබට හැකියාවක් නැහැ. අන්න ඒ වගේ වෙලාවට තමයි   Credit Card  එකක වැදගත්කම ඔබට හොඳින්ම වැටහෙන්නෙ.

උදාහරණයක් විදියට ඔබට රුපියල් 100,000/-.  ක් වටිනා  iPhone එකක් මිලදී ගන්න ආසවක් ඇතිවෙනවා.  හැබැයි ඉතිං මේකට වියදම් කරන්න ඔයාගෙ ලඟ ඒ තරම් මුදලක් නැහැ. ඒ වගේ වෙලාවට  ඔයාට පුලුවන් credit card එකෙන් වාරික විදියට ගෙවන්න මේ ෆෝන් එක ගන්න. 

මාස  24  කින් ගෙවන්න ඔයා මේ ෆෝන් එක ගත්තොත් ඔයාට මාසෙකට card එකෙන් ගෙවන්න වෙන්නෙ රුපියල් 4100 වගේ මුදලක්. මේක හරියට රුපියල් 4100 දීල රුපියල් 100,000 වටින iPhone එකක් පාවිච්චි කරනව වගේ වැඩක් කියලා දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්.

දැන් ඔබට වැටහෙනවා ඇති Credit Card කියන්නෙ වියදම් අධික නාස්තිකාර අමාරුවෙ වැටෙන දෙයක් නෙවෙයි කියලා. හැබැයි ඉතිං මේක හරියට පාවිච්චි කරන්න ඕන. Credit Card කියන්නෙ මොකක්ද කියලා තවත් සරලවම කිවුවොත් දැන් මිලදී අරගෙන පස්සෙ ගෙවන්න කියනවා වගේ වැඩක්.

ඕනෙම Credit Card එකක් පාවිච්චි කරන ඔබ මේ ගැනත් දැනගෙන ඉන්නම ඕන. ඒ අනුව ප්‍රධානම කාරණාව තමයි ඔබේ Credit Card පතෙහි ණය සීමාව ගැන අවබෝධයෙන් ඉන්න එක. මේ ණය සීමාව ඔයාට ඕනෑම භාණ්ඩයක් කිසිඳු අතිරේක පොලියකින් තොරව මිලදී  ගන්න පුළුවන්.

ඒ වගේම ඔබට ලැබෙන නිශ්චිත ණය සීමාව වගේම අමතර පොලියක් අය නොවී ඉන්න පුලුවන් නිශ්චිත කාල සීමාවකුත් තියෙනවා. ඒ කාල සීමාව දින 21 ත් දින 51 ත් අතර කාලයක්.

උදාහරණයක් විදියට  ඔයා ජනවාරි 01 යම් ගෙවීමක් කරල භාණ්ඩයක් මිලදී ගන්නවානම් ඒ ගෙවීම ඔයාගෙ බිලට එකතු වෙන්නෙ ජනවාරි මාසෙ 21. ඉතින් එතන ඉඳලා තවත් දින 30 කාලයක් ඔබට ඔබගේ බිල්පත ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව ඔබට ලැබුණු ණය සීමාව අමතර පොලියක් නැතිව ගෙවන්න දින 51 ක කාලයක් හිමි වෙනවා.

 ඉතින් ඒ අවස්තාවෙදි  ඔයාට තියෙන්නෙ credit card එකේ statement එක ලැබුනහම ඒකෙ තියෙන Total Outstanding කියන ගාන due date එකට කලින් ගෙවන්න විතරයි. මෙතනදා Total Outstanding කියන්නෙ ඔයාට Card එක වෙනුවෙන් ගෙවන්න තියෙන මුදල ඒ වගේම Due Date කියන්නෙ ගෙවන්න තියෙන අවසාන දවස. මේ උපදෙස් හරිහැටි පිළිපදිමින් ඔයාගෙ Credit Card එක  භාවිතා කරනවනම් ඔයාගෙන්  කිසිම අමතර පොළියක් අය වෙන්නෙ නැහැ.

 සමහර විට ඔයා කාර්ය බහුල කෙනෙක්නම් මේ දින වකවානු ගැන අවදානයෙන් ඉන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන්. ඒ වෙනුවෙනුත් කරන්න දෙයක් තියෙනව. ඒ අනුව ඔයාට පුළුවන් ඔබේ බැංකුව හරහා ස්ථාවර නියොගයක් (Standing Order) නිකුත් කරලා Bank Account එකෙන් Minimum Payment එක හරි Total Outstanding එක හරි අය වෙන විදියට  හදාගන්න.

මේ දේවල් ගැන හිතලා බලද්දි දැන් Credit Card එකක ඇති වැදගත්කම ඔබට හොඳින්ම තේරුම් යන්න ඇති. දැන් ඉතිං ඔබට Credit Card පතක් අරගෙන වාරික ලෙස  ගෙවන්න Laptops, Mobile phones, furniture වගේම ගෙදරට ඕනෙ කරන දහසකුත් දේවල් මිලදී ගන්න පුළුවන්.

මේ විදියට භාණ්ඩ මිලදී ගනිද්දි සම්පූර්ණ භාණ්ඩයේ වටිනාකම credit card එකේ hold වෙනවා. ඒ මුදල ඔයාට පාවිච්චි කරන්න බැහැ. නමුත් ඒ සදහා කිසිදු අමතර පොළියක් අය වෙන්නෙ නෑ. ඔයාලට කරන්න තියෙන්නෙ හැම මාසෙම අදාල වාරික මුදල card එකට දාන එක විතරයි. එතකොට ඔයා දාපු වාරික මුදල ආයෙමත් card එකේ available balance එකට එකතු වෙනව.

 ඉතිං මේ කිවුවෙ credit card එකකින් ඔබට ලැබෙන වාසි කිහිපයක් විතරයි. ඔයාටත් credit card එකක් තියෙනවනම් ගණුදෙණු කිරීමේ පහසුව, ලාභය,විශ්වාසනීයත්වය වගේ මේ හැම දෙයක් එක්කම ඔබේ මුල්‍ය කටයුතු පරිපාලනය කරගන්න පුළුවන්. ඒ නිසාම ඔබත් අදම ලංකාව වගේම ලෝකයම පිලිගත්ත credit card එකක් Apply කරන්න.