Tuesday, April 23, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව අසරණ වෙයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාව පන්දු යවන්නන් හමුවේ ලකුණු 126 කට දැවී ගියා.

ගාල්ලේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 287ක් රැස්කරනු ලැබුවා. ඒ දිමුත් කරුණාරත්න නොදැවී ලබා ගත් (158*) සුපිරි ශතකයක්ද සමගින්.

දකුණු අප්‍රිකානු ඉනිමේ පිතිකරණ අංශයෙන් නායක ෆැෆ් ඩුප්ලසිස්  (49) හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් 06 දෙනෙක්ම ලකුණු 10 සීමාවට ඒමට පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. ඩිල්රුවන් පෙරේරා මෙහිදී ලකුණු 46 ට කඩුලු 4ක් දවා ගනු ලැබුවා. සුරංග ලක්මාල් කඩුලු 3 ක් දවා ගනු ලැබුවා.

දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.