Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්

සමන්ත කුමාර




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම කි‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 111ක් ලබා සිටියා. නැවත වරක් පිත්තෙන් දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න ලකුණු 60කට දැවී ගියා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 17යි. ධනංජය ද සිල්වා ලකුණු 09කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් සමත්වුණා. 

දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14ක් ලබා සිටි අතර රොෂේන් සිල්වා නොදැවී ලකුණු 10ක් රැස්කර ගෙන සිටියා.
 
අද (13) දිනයේදි දකුණූ අපි‍්‍රකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 126කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත්වුණා. මෙය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ටෙස්ට් තරගයකදී ශී‍්‍ර ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 46කට කඩුළු 04ක් දවා ගත් අතර සුරංග ලක්මාල් ලකුණු 21කට කඩුළු 03ක් බිඳ හෙළුවා. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 287ක්. ඒ අනුව කඩුළු 06ක් අතැතිව ශි‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකානු පළමු ඉනිමට වඩා ලකුණු 272ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි.