Friday, March 29, 2024

General line - 0115112241

කටකතා නතර කරන්න ඉන්දියාව සමාජ මාධ්‍ය ජාල නියාමනය කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සමාජ මාධ්‍ය ජාල නියාමනය කිරීමට ඉන්දිය රජය ගත් තීරණයක් හමුවේ රජයේ පාර්ශවය හා එරට ශ්‍රේෂ්ඨාධිකරණය අතර යම් මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබෙනවා. එම තත්ත්වය හටගත්තේ සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර යන අසත්‍ය පුවත් සහ කටකතා හේතුවෙන්, සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් පිළිබඳ අධීක්ෂණය කිරීමට ඉන්දීය ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණයකට එළඹීමත් සමගයි. ඒ සඳහා පෞද්ගලික අංශයේ ආයතන වෙත ලන්සු කැඳවිමක්ද එම අමාත්‍යාංශය විසින් සිදු කර තිබුණා.

එහෙත්, අදාළ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතිවූ විරෝධතාවක් හමුවේ සමාජ මාධ්‍ය ජාල නිරික්ෂණය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා. ඒ අනුව සමාජ මාධ්‍ය ජාල අධීක්ෂණය කිරිම සඳහා ගත් තීරණය සම්බන්ධයෙන් සති දෙකක් තුලදී කරුණු වාර්තා කරන ලෙසයි  ශ්‍රේෂ්ඨාධිකරණය රජය වෙත දැනුම් දී ඇත්තේ. 

සමාජ මාධ්‍ය ජාල හරහා පතුරුවා හරින ව්‍යාජ ප‍්‍රචාරයන් හා ප‍්‍රවෘත්ති පදනම් කර ගනිමින් ඇතැම් ප‍්‍රාන්ත වල සිදුවන පුද්ගල මරණ ඉහළ යාම හමුවේයි ඉන්දිය රජය මෙලෙස සමාජ මාධ්‍ය ජාල අධික්ෂණය හා නියාමනය කළ යුතු බවට තීරණය කර ඇත්තේ.