Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දීය ආයෝජන සහිත මෙරට ව්‍යාපෘති කිහිපයක් මෙම වසරේදී ඇරඹෙන ලකුණු




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් විජේ කේශව් ගෝක්ලේ අතර සාකච්ඡාවක් අද (13) පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි. ශී‍්‍ර ලංකාව තුළ ඉන්දීය ආයෝජන අවස්ථා වැඩි කර ලීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. 

ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතිව කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතීන් කිහිපයක වැඩකටයුතු මෙම වසරේදී ආරම්භ කෙරෙන බවද එම සාකච්ඡාවේදී අනාවරණ වුණා.