Tuesday, April 16, 2024

General line - 0115112241

පකිස්තානයට දැවැන්ත එක්දින කි‍්‍රකට් ජයක්

සමන්ත කුමාර




සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 201කින් ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම අද (13) සමත්වුණා. බුලවායෝහි පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 308ක්. 


ඉමාම් උල් හක් ලකුණු 128යි. පන්දු 134කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් වුණා. පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 35කදී සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 107ක් පමණයි. ශඩාබ් ඛාන් ලකුණු 32කට කඩුළු 04ක් බිඳ හෙලීමට සමත්වුණා.