Tuesday, April 23, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිට එරෙහිව ලන්ඩනයේ දැවැන්ත විරෝධතාවයක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




සිවුදින නිල සංචාරයක් සදහා පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එංගලන්තයේ ලන්ඩන් අගනුවර පිහිටි Trafalgar චතුරශ්‍රය අසල මේ වන විට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ජනපති ට්‍රම්ප්ට එරෙහිව 100,000 කට අධික විරෝධතාකරුවන් පිරිසක් මධ්‍යම ලන්ඩනයට රැස්ව සිටින බවයි.

විවිධ වැකි සහ පුවරු රැගත් මෙම විරෝධතාකරුවන් හේතුවෙන් අවසානයේදී Trafalgar චතුරශ්‍රයට පිරීයාම හේතුවෙන් ඒ ස්ථානයට නොපැමිනෙන ලෙස දැනුම් දී ට්ව්ටර් පණිවිඩ පවා නිකුත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඊයේ (12) සිය බ්‍රිතාන්‍ය සංචාරය ආරම්භ කරමින් පැමිණි ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ "තමන්ව නොපිළිගන්නා සොභාවයක් දැනුනු බවයි".