Thursday, April 25, 2024

General line - 0115112241

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 128 ක් මරුට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නිරිතදිග පාකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 128 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

BBC පුවත් සේවය සදහන් කරන්නේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාරදුන් අපේක්ෂකයෙක් ද මියගොස් ඇති බවයි. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වීමට පෙර බානු ප්‍රදේශයේ මැතිවරණ රැලියකට එල්ලවූ තවත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 4 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

පාකිස්ථානයේ මහ මැතිවරණය ජුලි මස 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

පුද්ගලයින් 128 දෙනෙක්ට මරු කැදවමින් සිදුවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම මේ වන විට ඉස්ලාමිය අන්තවාදීන් (IS) භාරගෙන තිබෙනවා. සිය මාධ්‍ය ජාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ පිළිබඳව වගකීම තමන් භාර ගන්නා බව සදහන් කර තිබෙනවා.

2014 වසරේදී පාසල් ළමුන් ඇතුළුව පුද්ගලයින් 141 දෙනෙක්ට මරු කැඳවමින් තලේයිබාන් කැරලිකරුවන් පේෂාවර් හි පිහිටි පාසලක් ඉලක්ක කර ගනිමින් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානයේ සිදුවූ බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය ලෙස ඊයේ (13) සිදුවූ බෝම්බ පිපිරිම සැලකෙනවා.