Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයා ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට යොමු කළ ලිපියක් ප‍්‍රසිද්ධ කෙරේ

හේමන්ත කහවලගේ




උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සහ  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර සිදුවූ ඓතිහාසික හමුවට පෙර උතුරු කොරියානු නායකයා තමන් වෙත යොමු කළ ලිපිය ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධ කර තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ ජනාධිපති ට‍්‍රම්ප් සිට ටුවිටර් ගිණුම හරහා එම ලිපිය ප‍්‍රසිද්ධියට පත් කර ඇති බවයි. කොරියානු භාෂාවෙන් යොමු කර ඇති මුල් ලිපිය සහ එහි ඉංගී‍්‍රසි පරිවර්ථනය එලෙස ප‍්‍රසිද්ධ කර තිබෙනවා. නායකයන් දෙපළගේ හමුව වෙනුවෙන් ජනාධිපති ට‍්‍රම්ප් කළ කැපවීම අගය කරන බව දන්වමින් උතුරු කොරියානු නායකයා අදාළ ලිපිය යොමු කර තිබෙනවා.